Saturday, May 11, 2024

General line - 0115112241

පක්ෂය හැර ගිය ශී‍්‍රලනිපයේ පස් දෙනෙකුට විනය පරීක්ෂණ

සිතාරා අතුකෝරළ




ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්ව වෙනත් පක්ෂවලට සහාය දැක්වූ ජාතික ලැයිස්තු මන්තී‍්‍රවරුන් 05 දෙනෙකුට, දින 07ක් ඇතුළත කරුණු දක්වන ලෙස දන්වමින් ලිපි යොමු කළ බව එම පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්තී‍්‍ර දයාසිරි ජයසේකර පවසනවා.

එස් බී දිසානායක, ඩිලාන් පෙරේරා, ඒ එච් එම් ෆවුසි, විජිත් විජයමුණි සොයිසා සහ ලක්ෂ්මන් යාපා අබේවර්ධන යන මන්තී‍්‍රවරුන් වෙත අදාළ ලිපි යොමු කර ඇති බවයි අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ මහ ලේකම්වරයා කිය සිටියේ. 

මෙම මාධ්‍ය හමුවට එක්වූ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති පාර්ලිමේන්තු මන්තී‍්‍ර මහින්ද අමරවීර පැවසුවේ මෙම තීරණය එක් කණ්ඩායමක් පමණක් ඉලක්ක කර ගත් තීරණයක් නොවන බවයි.