Saturday, May 11, 2024

General line - 0115112241

කැලණිවැලි මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

දිනුක් හේවාවිතාරණ




පාදුක්ක සහ මීගොඩ අතර දුම්රිය මාර්ගයේ වටරැක දුම්රිය ස්ථානයේදී දුම්රියක් කාර්මික දෝෂයකට ලක්වීම නිසා කැලණිවැලි මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් ඇතිවී තිබෙනවා.

දුම්රිය පාලක මැදිරිය පැවසුවේ අවිස්සාවේල්ල ප්‍රදේශයේ සිට කොළඹ කොටුව බලා ගමන් කරමින් තිබු දුම්රියක් මෙසේ වටරැක දුම්රිය ස්ථානය ආසන්නයේදී කාර්මික දෝෂයට ලක්වී ඇති බවයි. 

කාර්මික දෝෂයට ලක්වූ දුම්රිය යලි යථා තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කර සිටියා.