Saturday, May 11, 2024

General line - 0115112241

එජාප අර්බුදය පාර්ලිමේන්තුවටත් - ප්‍රශ්නවලට පිළිතුරුදීමට ඇමතිවරුන් කිසිවෙකුත් නොමැති වෙයි

සමන්ත කුමාර




න්‍යාය පත්‍රයට ඇතුළත්ව තිබූ වාචික පිළිතුරු අපේක්‍ෂා කරන ප්‍රශ්නවලට පිළිතුරු ලබාදීම සදහා අමාත්‍යවරුන් නොසිටීම හේතුවෙන් අද (05) පාර්ලිමේන්තුවේදී වාද විවාද ඇති වුණා. වාචික පිළිතුරු අපේක්‍ෂා කරන ප්‍රශ්න 15 ක් න්‍යාය පත්‍රයට ඇතුළත්ව තිබුණද ඊට පිළිතුරුදීම සදහා අදාළ විෂයන් භාර කිසිදු අමාත්‍යවරයෙකු සභා ගර්භයේ රැදී සිටියේ නැහැ.

එම ප්‍රශ්නවලින් කිහිපයකට පමණක් යොමුකර තිබූ පිළිතුරු සභා නායකවරයා විසින් සභාවට ඉදිරිපත් කළා. එම අවස්ථාවේ සභාවේ ඇති වුණේ මෙවන් තත්ත්වයක්.

ප්‍රශ්නවලට පිළිතුරු ලබාදීම සදහා අමාත්‍යවරුන් නොමැතිවීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක එහිදී විරෝධය පළ කළේ මෙලෙසයි.

එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර්ද එහිදී අදහස් පළ කළා.

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර සහ ආනන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයාද මෙම විවාදයට එක් වුණා.