Friday, May 17, 2024

General line - 0115112241

තෙවන තරගය අදයි - ධනුෂ්ක ගුණතිලක කණ්ඩායමට එක්වන ලකුණු

හේරත් ඒකනායක/ කමල් සුරවීර




සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ‍්‍රී ලංකා කණ්ඩායම අතර 03 වන සහ අවසන් පන්දුවාර 20 කි‍්‍රකට් තරගය පල්ලෙකැලේ කී‍්‍රඩාංගනයේදී අද පැවැත්වෙනවා. තරගය ආරම්භ වන්නේ රාතී‍්‍ර 07 ටයි. 

තරග 03කින් සමන්විත මෙම පන්දුවාර 20 කි‍්‍රකට් තරගාවලිය 2 ට 0 ක් ලෙස නවසීලන්ත කණ්ඩායම මේවනවිටත් ජයගෙන අවසන්. බොහෝවිට අද තරගයේදී කුසල් ජනිත් සමගින් ධනුෂ්ක ගුණතිලක ශ‍්‍රී ලංකා ඉනිම ආරම්භ කරනු ඇති බවයි වාර්තා වන්නේ. 

මේ අතර ආබාධයක් හේතුවෙන් මාටින් ගප්ටිල් අද තරගයට සහභාගී වන්නේ නැහැ. කෙසේවෙතත් දෙවන පන්දුවාර 20 තරගයට එක්නොවූ රොස් ටේලර් අද තරගයට කී‍්‍රඩා කරනු ඇති බවයි වාර්තා වන්නේ.