Monday, May 20, 2024

General line - 0115112241

පාර්ලිමේන්තු මන්ත්‍රි චන්ද්‍රසිරි ගජදීර අභාවප්‍රාප්ත වෙයි

දිනුක් හේවාවිතාරණ




පාර්ලිමේන්තු මන්ත්‍රි චන්ද්‍රසිරි ගජදීර මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මාතර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසි ඒ මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ලයිස්තු මන්ත්‍රිවරයෙක්.

ඔහු මිය යන විට 73 හැවිරිදි වියේ පසු වුණා.

රෝගී තත්ත්වයක් හේතුවෙන් පසුගිය කාල සිමාවේදි මන්ත්‍රිවරයා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියා.