Monday, May 20, 2024

General line - 0115112241

"අද එජාපය නායකයාට සළකන්නේ නෑ"

සිතාරා අතුකෝරළ




තමන් කිසිදු අවස්ථාවක අධිකරණයට හෝ විනිශ්චකාරවරයෙකුට බලපෑම් කර නොමැති බව විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා පවසනවා. බත්තරමුල්ල අපේගම පරිශ‍්‍රයේ අද (06) පැවති යුක්තියට හඩක් සංවිධානයේ මහා සභා රැස්වීමට එක්වෙමින් විපක්‍ෂ නායකවරයා මේ බව කියාසිටියා.

වත්මන් රජය විසින් සිදුකරන ලද දේශපාලන පළිගැනීම්වලට එරෙහිව හඬ නැගිය යුතු බවත් එය සිය පාලනයක් යටතේද සිදුවිය යුතු බවත් විපක්‍ෂ නායකවරයා මෙහිදී කියාසිටියා.

මේ අතර එක්සත් ජාතික පක්‍ෂයේ අර්බුද සම්බන්ධයෙන්ද විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා මෙහිදී අදහස් පළ කළා.

එහිදී කියා සිටියේ "අද එක්සත් ජාතික පක්ෂය නායකයාට සළකන්නේ නෑ. එජාපය දෙකට තුනට කැඩිලා ගිහිල්ලා. කොයි පැත්තෙන් කොයි අපේක්ෂකයා ආවත් අපි ජයග්‍රහණය කරනවා." යනුවෙනි.