Monday, May 13, 2024

General line - 0115112241

ජනාධිපතිවරණයට තරග කරන්න බලාපොරොත්තු වෙනවා : අගමැති

දිනුක් හේවාවිතාරණ




ඉදිරි ජනාධිපතිවරණය සදහා තමන් එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් තරග කිරිමට බලාපොරොත්තුවෙන් සිටින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර ඇති බව වාර්තා වනවා.

අද (06) දහවල් එක්සත් ජාතික පක්ෂයේ ජේෂ්ඨ නායකයින් සමග පැවති රැස්විමේදි අගමැතිවරයා සිය ස්ථාවරය ඔවුන් වෙත ප්‍රකාශ කර ඇති බවයි අභ්‍යන්තර ආරංච් මාර්ග සදහන් කරන්නේ.

මේ නතර අගමැතිවරයා ඉදිරි ජනාධිපතිවරණය සදහා තරග කරන්නේ නම් මහ මැතිවරණයේදී අගමැති අපේක්ෂකත්වය සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා වෙතට ලබාදිම සුදුසු බව එක්සත් ජාතික පක්ෂයේ ජේෂ්ඨ නායකයින් රැස්විම අතර වාරයේදී යෝජනා කර ඇති බවයි වාර්තා වන්නේ.