Monday, May 13, 2024

General line - 0115112241

එජාපයේ මතය නොදරන ඕනෑම පාර්ශවයක් සමග සාකච්ඡා කිරීමට පොහොට්ටුව සුදානම්

සජිත් තිලකරත්න




එක්සත් ජාතික පක්‍ෂය සහ එම මතය දරණ පාර්ශව හැර වෙනත්  ඕනෑම කණ්ඩායමක් සමග සාකච්ඡා පැවැත්වීමට ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ සූදානම් බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා. ජනාධිපතිවරණය සදහා නාමයෝජනා භාරදෙන තුරු එම සාකච්ඡා පැවැත්විය හැකි බවයි නෙත් නිවුස් වෙත අදහස් දක්වමින් මන්තී‍්‍රවරයා කියාසිටියේ.

ජනාධිපතිවරණය සදහා අපේක්‍ෂකයෙකු ඉදිරිපත් කරන බවට ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය මැතිවරණ කොමිසමට කළ දැනුම්දීම දෙපාර්ශවය අතර පැවැත්වෙන සාකච්ඡාවලට බාධාවක් නොවන බවයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර කෙහෙළිය රඹුක්වැල්ල මෙහිදී සදහන් කළේ.