Sunday, May 12, 2024

General line - 0115112241

අගමැතිගෙන් උතුරට පොරොන්දුවක්




ඉදිරි වසර 05 ඉලක්ක කරගනිමින් යාපනය දියුණු කිරීම සඳහා නව සංවර්ධන සැලසුමක් ක්‍රියාවට නංවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. යාපනය නගරශාලා ගොඩනැගිල්ල ඉදි කිරීම සඳහා මුල්ගල තැබීම අද (07) සිදුවූයේ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්.

යාපනය කොටුවේ පැවැත්වෙන එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනය ද අග්‍රාමාත්‍යවරයාගේ නිරීක්ෂණයට මෙහිදී ලක් වුණා. අනතුරුව යාපනය නගරසභා පිටියේ පැවති ජන හමුවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මෙලෙස අදහස් පළ කළා. 

මෙම ජන හමුවට එක්වෙමින් උතුරු පළාත් ආණ්ඩුකාර සුරේන් රාඝවන් ද අදහස් පළ කළා. ඉදිරි ජනාධිපතිවරණයට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වන බව තමන් මාධ්‍ය ඔස්සේ දැනගත් බවත්, ඒ පිළිබඳ තමන් සතුටු වන බවත් ඔහු එහිදී කියා සිටියා.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පැමිණීමෙන් ප්‍රජාතන්ත්‍රවාදය ද තවත් ශක්තිමත් වනු ඇති බවයි, උතුරු පළාත් ආණ්ඩුකාර සුරේන් රාඝවන් වැඩිදුරටත් සඳහන් කළේ.