Monday, May 13, 2024

General line - 0115112241

පොහොට්ටුව ලකුණ මාරු කරන්නේ නම් ගෝඨාභයට සහය

සජිත් තිලකරත්න




පොහොට්ටුව ලකුණින් ඉදිරිපත් නොවන්නේ නම් ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂට සහාය දක්වන බව ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය පවසනවා.

නෙත් නිවුස් කළ විමසීමකදී එහි මහලේකම් පාර්ලිමේන්තු මන්තී‍්‍ර දයාසිරි ජයසේකර සඳහන් කළේ වෙනත් පක්‍ෂයක ලකුණක් යටතේ  ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයට ඉදිරි ජනාධිපතිවරණයේදී සන්ධානගතවීමට නොහැකි බවයි.

ඒ  සඳහා පොදු ලකුණක් යොදා ගන්නේ නම් පමණක් හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ වෙත අනිවාර්යයෙන්ම සහාය දක්වන බවයි ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂ මහලේකම්වරයා සඳහන් කළේ.

මේ අතර ඊයේ (07) ප‍්‍රචාරය වූ නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගයට එක්වෙමින් පාර්ලිමේන්තු මන්තී‍්‍ර තිලංග සුමතිපාල සඳහන් කළේ දෙපාර්ශවයටම පිළිගත හැකි ලකුණක් ලෙස පුටුව ලකුණ භාවිත කළ හැකි බවයි.

කෙසේවෙතත් ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ සහ ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය අතර සාකච්ඡා තවදුරටත් පැවැත්වෙන බවයි ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්තී‍්‍ර දයාසිරි ජයසේකර ඇල්පිටිය ප‍්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ.