Monday, May 13, 2024

General line - 0115112241

අරලිය උයනට පැලයක් රැගෙන එන්නැයි ජනතාවගෙන් ඉල්ලයි




නෙත් එෆ්. එම්. රේඩියෝව වාර්ෂිකව සංවිධානය කරනු ලබන කඨින මහා පිංකමට සමගාමීව නිර්මාණය කෙරෙන නෙත් අරලිය උයන රෝපණය කිරීමේ සමාරම්භක උත්සවය නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන පරිශ‍්‍රයේදී අද (08) පෙරවරුවේ පැවැත්වුණා.  

අද පෙරවරු 10.00 එළඹි සුබ මොහොතින් එම කටයුතු ආරම්භ කෙරුණා. නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය වෙත පැමිණෙන පිරිසට අරලිය පැළ රැගෙන පැමිණ පූජා කරන ලෙසද මෙහිදී ඉල්ලීමක් කෙරුණා.