Sunday, May 12, 2024

General line - 0115112241

වැල්ලවාය මල්වත්තාවල කදු රක්ෂිතයේ ගින්නෙන් වසර සිය ගණනක් පැරැණි ශාක රැසක් විනාශ වෙයි

ජයන්ත වීරසේකර-වැල්ලවාය




වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මල්වත්තාවල කදු රක්ෂිතයේ හට ගත් ගින්නෙන් අක්කර විස්සකට වඩා වැඩි භූමි ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා.

මෙම රක්ෂිතයේ වසර සිය ගණනක් පැරැණි ශාක රැසක් පවතින අතර එම ශාක ද ගින්න හේතුවෙන් විනාශ වී ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ. ප්‍රදේශයට පවතින දැඩි වියලි කාලගුණය සහ සුලං තත්ත්වය හේතුවෙන් ගින්න වේගයෙන් ව්‍යාප්ත වී තිබුණා. ගින්න මැඩපැවැත්වීම සදහා යුදහමුදා භට කණ්ඩායමක් කැඳවීමට පියවර ගත් බව ද මොනරාගල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ රවීන්ද්‍ර කුමාර ප්‍රකාශ කළා.