Sunday, May 12, 2024

General line - 0115112241

පරිපාලන නිලධාරීන් වෘත්තීය ක්‍රියාමාර්ගයකට සැරසෙයි




ලබන අඟහරුවාදා සහ බදාදා යන දෙදින වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරීන් තීරණය කර තිබෙනවා. ඒ, වැටුප් විෂමතාවයන්ට විසඳුමක් ඉල්ලා සහ ස්වාධීනව රාජකාරී කිරීමට නොහැකි වන ලෙස විවිධ පාර්ශවයන්ගෙන් එල්ල වන බලපෑම්වලට විරෝධය පළ කරමින්. 

ගතවූ කාලය තුළ රාජකාරී ඉටු කළ නොහැකි ආකාරයට බලපෑම් එල්ල වූ බව පෙන්වා දෙන ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය පවසන්නේ මේ දක්වාම විවිධ මට්ටමින් එම බලපෑම් අඛණ්ඩව එල්ල වන බවයි. තවදුරටත් සාකච්ඡා මාර්ගයෙන් පමණක් මෙම ගැටලුවලට විසඳුම් ලබා ගැනීමට නොහැකි වීම හේතුවෙන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව ඔවුන් ප්‍රකාශ කළා.