Sunday, May 12, 2024

General line - 0115112241

විභාග බර අඩු කිරීමේ ඊළඟ ආණ්ඩුවේ යුතුකමයි : අගමැති




විභාග බර අඩුකිරීමට පියවර ගැනීම ආණ්ඩුවේ මීලග යුතුකම විය යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අධ්‍යාපන අමාත්‍යංශය ඒ සම්බන්ධයෙන් වැඩ කටයුතු සිදු කරමින් සිටින බවත්, අධ්‍යාපන ක්‍රමය තුළින් චරිත වර්ධනය කිරීමට පියවර ගත යුතු බවත්, ඔහු කියා සිටියා. අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන් ගුරු සේවයට බඳවා ගැනීමේ උත්සවයට අද (08) එක්වෙමින්. 

සෑම ශිෂ්‍ය ශිෂ්‍යාවකගේම අනාගතය හොඳ අධ්‍යාපනයක් සහ පුහුණුව ලැබූ ගුරුවරුන් හට භාර දීමට පියවර ගත යුතු බව ද අග්‍රාමාත්‍යවරයා මෙහිදී කියා සිටියා. 

අරලියගහ මන්දිරයේ අද පැවැති මෙම උත්සවයේදී ඩිප්ලෝමාධාරීන් 4,286 කට පත්වීම් ලිපි පිරිනැමුණා.