Sunday, May 12, 2024

General line - 0115112241

රට බලගන්වන ගෝඨාභයගේ සැලසුම එළි දකී

තරංග රුක්ෂාන් ජයසේකර




ආරක්ෂාව සහතික කරමින් ආර්ථිකයෙන් ශක්තිමත් රටක් ගොඩනගන බව ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ පවසනවා. ඒ, වියත්මග වාර්ෂික සම්මේලනය අද (08) පස්වරුවේ අමතමින්. 

“සැලසුම බලගැන්වෙයි” යන තේමාව ඔස්සේ සංවිධාන කර තිබූ මෙම සම්මේලනය ඇමතූ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ, රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා. 

රටේ ආර්ථිකය සම්බන්ධයෙන් ද මෙහිදි අදහස් පළ කෙරුණා. 

මේ අතර වියත්මග වාර්ෂික සම්මුතිය අද උදෑසන ආරම්භ වූ අතර එහි සම්මන්ත්‍රණ සැසි ක්ෂේත්‍ර 07ක් ඔස්සේ පැවැත්වුණා. ඒ, ව්‍යාපාරික විශ්වාසය ගොඩනැගීම, දැනුම ආර්ථිකය සඳහා අධ්‍යාපන අංශය පරිවර්තනය කිරීම, ජාතික ආරක්ෂාව සඳහා ගෝලීය ප්‍රවණතා සහ අභියෝග,  විනයගරුක හා සංවර්ධිත ප්‍රජාතන්ත්‍රවාදයකට ශ්‍රී ලංකාව වේගයෙන් ලුහුබැඳීමේදී තරුණයින්ගේ කාර්යභාර්යය යන ක්ෂේත්‍ර ද ඊට අයත්. 

එමෙන්ම ඩිජිටල් ශ්‍රී ලංකාවේ නවෝත්පාදන, තාක්ෂණය සහ ව්‍යවසායකත්වයන් ඉස්මතු කිරීම, ශ්‍රී ලංකාවේ සෞඛ්‍යය - වර්තමාන හා අනාගතය මෙන්ම ජාතික සමගිය යන ක්ෂේත්‍ර සම්බන්ධයෙන් ද මෙහිදී අවධානය යොමු කෙරුණා. මේ සඳහා මෙරට සිටින විද්වත් වෘත්තිකයන් රැසක් මෙන්ම ලෝක ශූර ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් ද සහභාගී වුණා.