Sunday, May 12, 2024

General line - 0115112241

බැඳුම්කර වංචාකරුවන්ට දඬුවම් අනිවාර්යයි - මහින්දගෙන් ප්‍රකාශයක්

තරංග රුක්ෂාන් ජයසේකර




ඉදිරි ආණ්ඩුවකදී බැඳුම්කර වංචාකරුවන්ට ආනිවාර්යයෙන් දඬුවම් ලබා දෙන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඒ, ජාතික නිදහස් පෙරමුණේ තුන්වන මහා සමුළුව අද (08) අමතමින්. 

රටේ ණය බර සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් පළ කළා. 

අද පස්වරුවේ මෙම සමුළුව ආරම්භ වුණේ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රිඩාංගණයේදියී. මේ, සමුළුව ඇමතූ ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ.

රටට දැන් අවශ්‍ය වන්නේ අරමුණක් සහිත විශිෂ්ඨ නායකයෙකු බව විමල් වීරවංශ මන්ත්‍රීවරයා මෙහිදී අවධාරණය කළා. 

ජාතික නිදහස් පෙරමුණේ තුන්වන මහා සමුළුවට ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ ද සහභාගී වුණා.