Saturday, May 11, 2024

General line - 0115112241

නව නායකයා තෝරා ගත යුතු හැටි මුරලිදරන් පහදයි

තරංග රුක්ෂාන් ජයසේකර




යල්පැන ගිය නීතිරීති වෙනස් කරමින් සැමට සමාන නීතියක් රට තුළ ස්ථාපිත කළ යුතු බව ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ පවසනවා. ඒ, වියත්මග වාර්ෂික සම්මේලනය අද (08) පස්වරුවේ අමතමින්. 

මේ අතර අද පෙරවරුවේ වියත්මග වාර්ෂික සම්මුතිය ද කොළඹදි පැවැත්වුණේ මෙරට සිටින විද්වත් වෘත්තිකයන් රැසක් මෙන්ම ලෝක ශූර ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්ගේ ද සහභාගීත්වයෙන්.

ඊට එක්වූ මුරලිදරන් පැවසුවේ ආදර්ශය කියා පාන නිදසුන් ඇති පුද්ගලයෙකු නායකත්වයට පත් කළ යුතු බවයි. බියෙන් සැකෙන් තොරව ජනතාවට ආරක්ෂාව ලබා දෙන පුද්ගලයා කවුරුන්ද යන්න එළඹෙන මැතිවරණයේදී තීරණාත්මක සාධකයක් බව ද ඔහු කියා සිටියා.

නායකයෙකු තෝරා ගැනීමට පෙර ඔහු රටට සහ ජනතාවට සිදු කළ දේ පිළිබඳ සොයා බැලිය යුතු බවත්, රටට සේවයක් කළ පුද්ගලයා කවුරුන්දැයි සිතා බැලිය යුතු බවත්, මුත්තයියා මුරලිදරන් වැඩිදුරටත් ප්‍රකාශ කළා.