Thursday, May 16, 2024

General line - 0115112241

අභාවප්‍රාප්ත චන්ද්‍රසිරි ගජදීරගේ අවසන් කටයුතු අද

ටී කේ මහින්ද




අභාවප්‍රාප්ත මාතර දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී චන්ද්‍රසිරි ගජදීර මහතාගේ අවසන් කටයුතු අද (09) පස්වරු 3.30 ට මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේ දී සිදු කිරීමට කටයුතු යොදා තිබෙනවා.

මේ වන විට දේහය මාතර පරමුල්ල ඒ මහතාගේ නිවසේ තැන්පත් කර ඇති අතර අවමංගල්‍ය පෙරහැර පස්වරු 2.00 ට නිවසින් පිටත් වෙනවා. 

අසනීප තත්ත්වයෙන් පසුවූ ඒ මහතා කොළඹ පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී මිය යන විට 73 වැනි වියෙහි පසු වුණා.

විශ්ව විද්‍යාල අධ්‍යාපනයේ සිට වාමාංශික දේශපාලනයට පිවිසි ඒ මහතා ,ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාව හා දේශපාලන මණ්ඩල සභිකයෙකු ලෙස ද කටයුතු කළ අතර වර්තමානයේ එම පක්ෂයේ උප සභාපති ලෙස ද කටයුතු කළා.

දියණියන් තිදෙනෙකුගේ පියෙකු වන ගජදීර මහතා, බන්ධනාගාර හ පුනරුත්ථාපන, ස්වදේශ කටයුතු,අමාත්‍යධූරයන්හි හා වෘත්තීය පුහුණු, ධීවර, සමුපාකාර, ආදී අමාත්‍යාංශ කිහිපයකම නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළා.