Wednesday, May 15, 2024

General line - 0115112241

පොලිසියෙන් අතුරුදන් වූ ගිනිඅවි 02 සඟවා තිබියදී සොයා ගනී

හේමන්ත කහවලගේ




පානදුර උතුර පොලිස් ස්ථානයේදී අස්ථානගත වූ ටී 56 ගිනි අවි දෙක අකුරැස්ස ප‍්‍රදේශයේ බෝක්කුවක් යට සඟවා තිබීයදී සොයාගෙන තිබෙනවා. ඉකුත්දා අකුරැස්ස, තිබ්බටුවාව හංදිය ප‍්‍රදේශයේදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට වෙඩි තැබීම සඳහා මෙම ගිනිඅවි දෙකෙන් එකක් යොදාගන්නට ඇති බවටයි දැනට සැක කෙරෙන්නේ.

මෙම ගිනිඅවි දෙක අස්ථානගතවීම සම්බන්ධයෙන් යුද හමුදා සාමාජිකයන් දෙදෙනෙකුද මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබෙනවා. පාස්කු ප‍්‍රහාරයෙන් පසුව ප‍්‍රදේශයන්හි පාමුර සංචාර සඳහා පොලිසියත් සමග යුද හමුදා සාමාජිකයින්ද එම රාජකාරී සඳහා අනියුක්ත කෙරුණා.

ඒ අනුව පානදුර, නල්ලූරුව හමුදා අනුකණ්ඩයේ සෙබළුන් දෙදෙනෙකු පාමුර සංචාරයේ යෙදී සිටි අවස්ථාවකදී මෙම ගිනිඅවි දෙක පොලිස් ජීප් රථයක තිබී සොරාගත් බවටයි දැනට කෙරුණු විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.

කෙසේවෙතත් අකුරැස්ස ප‍්‍රදේශයේදී පොලිස් නිලධාරීන් දෙදෙනාට වෙඩි තබා යතුරු පැදියකින් පලා ගිය සැකකරුවන් තිදෙනා මෙතෙක් අත්අඩංගුවට ගෙන නැහැ.