Wednesday, May 15, 2024

General line - 0115112241

සජිත් "අගමැති අපේක්ෂකයා" වුණොත් වෙන දේ සජිත්ට සහය දෙන එජාප පාර්ශ්වය කියයි

සජිත් තිලකරත්න/නිශාන් ද සිල්වා




එක්සත් ජාතික පක්ෂයේ නායක අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සහ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස අතර තීරණාත්මක සාකච්ඡාව අද (10) පැවැත්වෙනවා.

මෙම සාකච්ඡාවේදී එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති ධුර අපේකෂකයා සම්බන්ධයෙන් අවසන් එකඟතාවකට පැමිණෙනු ඇති බවටයි දේශපාලන ආරංචි පැවසුවේ.

මෙම තීරණාත්මක සාකච්ඡාව සම්බන්ධයෙන් කැබිනට් නොවන අමාත්‍ය ආචාර්ය ද හර්ෂ ද සිල්වා නෙත් නිවුස් වෙත මෙලෙස අදහස් පළ කළා.

එහිදී ඔහු සඳහන් කළේ "සජිත් ප්‍රේමදාස අගමැති අපේක්ෂකයා වුණා කියලා අපිට මේ ඡන්දය ජයග්‍රහණය කරගන්න බැරි වෙනවා. ඡන්දය ජයග්‍රහණය කරගන්න පුළුවන් ක්‍රමය තමයි සජිත් ජනාධිපතිවරයා හැටියට තරග කරන එක. ඒක තමයි යථාර්තය." යනුවෙනි.

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සහ අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස අතර පැවැත්වෙන මෙම සාකච්ඡාව අද පැවැත්වෙන කැබිනට් රැස්වීමෙන් පසුව හෝ අද පස්වරුවේ පැවැත්වෙනු ඇති බවටයි දේශපාලන ආරංචි පැවසුවේ.

අමාත්‍ය සජිත් පේ‍්‍රමදාසට සහාය පළ කරමින් එක්සත් ජාතික පක්‍ෂයේ මන්තී‍්‍රවරුන් පිරිසක් අත්සන් කළ ලිපිය සම්බන්ධයෙන්ද නෙත් නිවුස් මෙහිදී කැබිනට් නොවන අමාත්‍ය ආචාර්ය ද හර්ෂ ද සිල්වාගෙන් විමසීමක් කළා. එහිදී සඳහන් කෙරුණේ අති බහුතරයක් එය අත්සන් කර ඇති බවයි.

මේ අතර අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස සහ දෙමළ ජාතික සන්ධානයේ මන්තී‍්‍රවරුන් අතර සාකච්ඡාවක් යාපනයේදී ඊයේ (09) පවත්වා තිබෙනවා. එම සාකච්ඡාවට එම්. ඒ. සුමන්තිරන්, මාවෙයි සේනාධිරාජා ඇතුළු දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් පිරිසක් එක්ව සිටියා. රාජ්‍ය අමාත්‍ය එරාන් වික‍්‍රමරත්නද එම සාකච්ඡාවට එක්ව සිටි අතර එහිදී ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අතර සාකච්ඡා පවත්වා තිබෙනවා.