Friday, May 17, 2024

General line - 0115112241

අළු බදුනේ දෙවන දිනය අදයි

කසුන් කැලුම්




අළු බදුන කුසලාන ටෙස්ට් තරගාවලියේ 5 වන තරගයේ පළමු දිනය නිමා වනවිට එංගලන්ත කණ්ඩායම කඩුළු 8 ක් දැවී ලකුණු 278 ක් රැස්කර ගෙන සිටියා. 

මෙම තරගයේ කාසියේ වාසිය හිමිකර ගත්  ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම පළමු පන්දුවට පහරදීමේ අවස්ථාව එංගලන්තයට පිරිනැමුවා. එංගලන්ත ඉනිම වෙනුවෙන් නායක ජෝ රූට් ලකුණු 57 ක් රැස් කළා. 

ජොස් බට්ලර් ලකුණු 64 යි. පන්දු යැවීමේදී මිචෙල් මාෂ් ලකුණු 35 කට කඩුළු 4 ක් දවා ගත්තා. තරගය පැවැත්වෙන්නේ  ඕවල්හිදීයි.