Friday, May 17, 2024

General line - 0115112241

පකිස්තානයේ ආරක්ෂාව ගැන හොයන්න ICC ය එයි

කසුන් කැලුම්




පකිස්තානයේ පවතින ආරක්ෂාව සම්බන්ධයෙන් ඇගයීමක් සිදුකිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා. ඒ, සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පකිස්තාන කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින සහ 20 යි 20 තරගාවලිය සඳහා විනිසුරුවරුන් හා තරග තීරකවරයා පත්කිරීම පිළිබඳ අවසන් තීරණයක් ගැනීම සඳහායි.

ඒ අනුව මෙම තරගාවලිය සඳහා ලබාදෙන ආරක්ෂාව සම්බන්ධයෙන් සොයාබැලීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නිලධාරීන් කණ්ඩායමක් ද පකිස්තානය වෙත පැමිණීමට නියමිතව තිබෙනවා.

2015 වසරේදී සිම්බාබ්වේ කණ්ඩායම පකිස්තානයේ සිදුකළ තරග සංචාරයේදීද, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විනිසුරුවරුන් සහ තරග තීරකයා පත් කිරීමට කටයුතු කළේ නැහැ. එම තරගාවලියේදී විනිසුරුවරුන් සහ තරග තීරකයා නම් කරනු ලැබුවේ පකිස්තානය සහ සිම්බාබ්වේ රටවල් 02 විසින්.

ශ්‍රී ලංකා කණ්ඩායමේ පකිස්තානු තරග සංචාරයේද ආරක්ෂාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සෑහීමකට පත් නොවුනහොත්, විනිසුරුවන් සහ තරග තීරකයා පත්කිරීමේ වගකීම පකිස්තානයට හා ශ්‍රී ලංකාවට පැවරෙනු ඇති. 

මේ අතර මෙරට අග්‍රාමාත්‍ය කාර්යාලය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ඉකුත් දා දැනුම් දී තිබුණේ පකිස්තානයේදි ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමේ අවදානමක් පිළිබඳ තමන් වෙත තොරතුරු වාර්තා වී තිබූ බවයි. 

ඒ පිළිබඳ සොයා බැලීමක් සිදු කරන ලෙස ද අග්‍රාමාත්‍ය කාර්යාලය, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුම් දී තිබෙනවා. එහෙත්, ට්විටර් සටහනක් තබමින් පකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය පැවසුවේ තමන්ට එවැනි ප්‍රහාරයක් පිළිබඳ කිසිඳු තොරතුරක් මෙතෙක් ලැබී නොමැති බවයි.