Monday, May 20, 2024

General line - 0115112241

ආබාධිත රණවිරුවන්ට එරෙහිව අධිකරණ නියෝගයක්




කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට සත්‍යග්‍රහයක නිරතව සිටින ආබාධිත රණවිරුවන්ට එරෙහිව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (18) තහනම් නියෝගයක් නිකුත් කරනු ලැබුවා.

ඒ අනුව එම ආබාධිත රණවිරුවන්ට කොළඹ කොටුවේ පිහිටි ජනාධිපති මන්දිරය, ආරක්ෂ අමාත්‍යංශය , ගාලුපාර, අලියගහ මන්දිරය ,ලෝටස් පාර,  ආරක්ෂක අමාත්‍යංශය,අගමැති කාර්යාලය සහ අගමැති ලේකම් කාර්යාලය යන ස්ථානයන්ට ඇතුළුවීම වළක්වාලමින් කොළඹ, කොටුව මහෙස්ත්‍රාත්  රංග දිසානායක මහතා අද (18) තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

කොළඹ මධ්‍යම පොලිස් අධිකාරී නිශාන්ත සොයිසා ,නීතී කොට්ඨාසබාර නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහණ මහතා සහ කොටුව පොලීසිය කළ ඉල්ලීමකට අනුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මෙම තහනම් නියෝගය නිකුත් කර තිබෙනවා.