Tuesday, May 21, 2024

General line - 0115112241

කිංග්ස්බරි බෝම්බකරුගේ "හිස" බොරැල්ල සුසාන භුමියේ වල දැමිමට අධිකරණයෙන් නියෝගයක්




ඉකුත් අප්‍රේල් මස 21 වෙනි පාස්කු ඉරිදා කොළඹ කිංග්ස්බරි හෝටලයේදී මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරුවා ගනිමින් ජිවිතක්ෂයට පත්වූ තව්හිත් ජමාත් සංවිධානයේ මොහොමඩ් අසාම් මොහොමඩ් මුබාරක් නම් ත්‍රස්තවාදියාගේ "හිස" කොළඹ බොරැල්ල කන්තතේදී වළදමන්න යැයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (18) නියෝග කරනු ලැබුවා.

තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම්වරයාට කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය අද නිකුත් කරනු ලැබුවා. ඒ එම ත්‍රස්තවාදියා සම්බන්ධයෙන් සිදුකරනු ලබන විමර්ශන අවසන් බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ කරුණු දැක්වීමෙන් අනතුරුවයි.

මෙම බෝම්බ ප්‍රහාරයට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් අහමදු අර්ශාත් නැමැත්තා ලබන ඔක්තෝම්බර් මස 02 වෙනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත්වරයා නියෝග කරනු ලැබුවා.