Tuesday, May 21, 2024

General line - 0115112241

හිටපු අමාත්‍ය එච්.ආර්.මිත්‍රපාල අභාවප්‍රාප්ත වේ




එක්සත් ජනතා නිදහස් සන්ධාන කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එච්.ආර්. මිත්‍රපාල මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. කරනවැල්ල මුලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී හිටපු මන්ත්‍රිවරයා අද (18) පෙරවරුවේ අභාවප්‍රාප්ත විය.

මිය යන විට 73 වන වියෙහි පසු වූ හිටපු මන්ත්‍රිවරයා 2007 වසරේ සිට2015 වසර දක්වා නියෝජ්‍ය අමාත්‍යවරයෙකු මෙන්ම අමාත්‍යවරයෙකු ලෙසද කටයුතු කර තිබේ.