Monday, May 20, 2024

General line - 0115112241

MCC ගිවිසුම ගැන ඇත්ත නැත්ත කියන මහජන සාකච්ඡාවක්




කොළඹ, ශ්‍රී ලංකාව - ඇඩ්වකාටා ආයතනය (Advocata Institute) විසින් “MCC ගිවිසුම ගැන ඇත්ත නැත්ත” මැයෙන් මහජන සාකච්ඡාවක් සැප්තැම්බර් 19 වන බ්‍රහස්පතින්දා සවස 6.00 සිට ලක්ෂ්මන් කදිර්ගාමර් කෙන්ද්‍රයේ, ලයිට් හවුස් ශ්‍රවනාගාරයේදී පැවැත්වීමට නියමිතය. 

ශ්‍රී ලංකා - MCC (මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන්) ගිවිසුම මෑත කාලීනව බහුලව විවාදයට තුඩු දෙන මාතෘකාවක් බවට පත්ව ඇත. ඇතැමෙක් එය එක්සත් ජනපදය විසින් ශ්‍රී  ලංකාවේ ස්වෛරීභාවය පැහැර ගැනීමට දරණ උත්සාහයක් යැයි පවසන අතර තවත් සමහරු තර්ක කරන්නේ එය ශ්‍රී ලාංකාවේ ආර්ථික සමෘද්ධිය උදෙසා හිමිවන මහඟු අවස්ථාවක් බවයි. 

2019 අප්‍රියෙල් 25 වන දින MCC අධ්‍යක්ෂ මණ්ඩලය පස් අවුරුදු ශ්‍රී ලංකා ගිවිසුම අනුමත කළ අතර, එය දැනට ශ්‍රී ලංකා රජයේ අනුමැතිය සඳහා ඉදිරිපත් කොට තිබේ. 

සැප්තැම්බර් 19 බ්‍රහස්පතින්දා සවස 6.00 සිට ලක්ෂ්මන් කදිර්ගාමර් කෙන්ද්‍රයේ, ලයිට් හවුස් ශ්‍රවනාගාරයේදී “MCC ගිවිසුම ගැන ඇත්ත නැත්ත” පිළිබඳව රජයේ නිලධාරීන් සහ තාක්ෂණික විශේෂඥයින් හමුවේ සාමාන්‍ය ජනතාවට ප්‍රශ්න හා ගැටළු මතු කිරීමට අවසිථාවක් Advocata ආයතනය විසින් සපයනු ඇත. 

මොරටුව විශ්ව විද්‍යාලයේ ප්‍රවාහන හා සැපයුම් කළමනාකරණ අධ්‍යයන අංශ ප්‍රධානී මහාචාර්ය අමල් කුමාරගේ, මහා මාර්ග සංවර්ධන අධිකාරියේ (RDA) අධිවේගී මාර්ග සැලසුම් නියෝජ්‍ය අධ්‍යක්ෂ ආචාර්ය සමන් විදානපතිරණගේ  සහ හිටපු නියෝජ්‍ය මිනින්දෝරු ජනරාල් සරත් ජයතිලක යන මහත්වරු MCC - ශ්‍රී ලංකා ව්‍යාපෘතියේ තාක්ෂණික කරුණු ඉදිර්පත් කරන කථිකයන් අතර වෙති.

මෙම මෙම සාකච්ඡාවේදී අදහස් දැක්වීමට සහ ශ්‍රී ලංකා - MCC ගිවිසුම පිළිබඳ ප්‍රශ්ණ වලට පිළිතුරු ලබාදීමට මහ නගර සහ බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍ය පාඨළී චම්පික රණවක, ජනමාධ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් සහ පේරාදෙණිය විශ්ව විද්‍යාල කථිකාචාර්ය ආචාර්ය චරිත හේරත් සහ MCC ආයතනයේ ශ්‍රී ලංකා නිත්‍ය අධ්‍යක්ෂිකා ජෙනර් එඩල්මන් (ප්‍රශ්ණ සහ පිළිතුරු වටය සඳහා)  යන මහත්ම මහත්මීන්ද විද්වත් සාකච්ඡාවට සහභාගී වීමට නියමිතය. 

මෙය විවෘත වැඩසටහනක් වන අතර වැඩි විස්තර සඳහා www.advocata.org වෙබ් අඩවියට පිවිසෙන්න.