Tuesday, May 21, 2024

General line - 0115112241

නෙළුම් කුළුණ සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක්

සමන්ත කුමාර




කොළඹ නෙළුම් කුළුණ ඉදිකිරීම් සහ එහි ගණුදෙණු සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් සිදුකරන බව කෝප් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්තී‍්‍ර සුනිල් හදුන්නෙත්ති පවසනවා.

කෝප් කමිටුව අද රැස්වූ අවස්ථාවේදී එහි සියළු සාමාජිකයන්ගේ ඒකමතික තීරණයකට අනුව මෙම තීරණය ගත් බවයි කමිටු සභාපතිවරයා කියාසිටියේ. 

මේ අතර ඉකුත් පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ කාලය ලබන ඔක්තෝම්බර් 31 වනදා දක්වා දීර්ඝ කිරීමට අද පාර්ලිමේන්තුවේදී අනුමැතිය හිමි වුණා.

එම යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ සභා නායක අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ල විසින්. මෙම කමිටුවේ කාලය මීට පෙර අවසන්වීමට නියමිතව තිබුණේ මේ මස 30 වනදායි.