Sunday, May 12, 2024

General line - 0115112241

නෙත් එෆ් එම් "යු ආර් අ ලීඩර්" පුහුණුවේදී ගුරුවරුන් සහ දෙමව්පියන්ටත් පුහුණුවක්




නෙත් නිවුස් සහ ලංකා බැංකුව එක්ව සංවිධාන කරන යූ ආර් අ ලීඩර් නායකත්ව පුහුණු හා පෞරුෂ සංවර්ධන කඳවුරේ 45 වැන්න මොණරාගල රාජකීය විද්‍යාලයේදී අද ආරම්භ වුණා. විද්‍යාලයේ දරු දැරියන්, ගුරුවරුන් සහ මව්පියන් වෙනුවෙන් ද විවිධ වැඩසටහන් පැවැත්වුණු අතර ගුරුවරුන් සඳහා ද අද (19) දහවල් පුහුණු සැසියක් ක්‍රියාත්මක වුණා.

පුහුණු සැසියෙන් පසුව ගුරුවරුන් කිහිපදෙනෙකු මෙම වැඩසටහන සම්බන්ධයෙන් මෙලෙස අදහස් පල කළා.

දරු දැරියන්, ගුරුවරුන් සහ දෙමව්පියන් වෙනුවෙන් තව නොබෝ වේලාවකින් “කොන්දේසි විරහිත ආදරය” රසවින්දන වැඩසටහන ආරම්භ කෙරෙනවා.
 

.................................................................................

අනාගත නායකයන් තනනා නෙත් යු ආර් අ ලීඩර් මොණරාගලට

නෙත් නිවුස් සහ ලංකා බැංකුව එක්ව සංවිධාන කරන යූ ආර් අ ලීඩර් නායකත්ව පුහුණු හා පෞර්ෂ සංවර්ධන වැඩසටහනේ 45 වැන්න අද දිනයේ ආරම්භ වනවා. 

අනාගත නායකයන් නිර්මාණය කිරීමේ අරමුණින් සංවිධාන කෙරෙන මෙම වැඩසටහන මෙවර පැවැත්වෙන්නේ මොණරාගල රාජකීය විද්‍යාලයේදීයි. 

විද්‍යාලයේ දරු දැරියන්, ගුරුවරුන් සහ මව්පියන් වෙනුවෙන් ද විවිධ කි‍්‍රයාකාරකම් රැසක් අද දිනයේ පැවැත්වීමට නියමිතව තිබෙනවා. 

දරුවන්ට වඩාත් හොඳ මඟ පෙන්වන්නෙකු වීම සඳහා මව්පියන් වෙනුවෙන් පුහුණු සැසියක් ද අද පස්වරුවේ පැවැත්වීමට  නිියමිතයි.