Saturday, May 11, 2024

General line - 0115112241

පොහොට්ටුව හා කම්කරු කොංග්‍රසය අතර ගිවිසුම අත්සන් තැබේ




ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ සහ ලංකා කම්කරු කොංග‍්‍රසය අතර අවබෝධතා ගිවිසුමකට මීට නොබෝ වේලාවකට පෙර අත්සන් තැබුණා. 

ඒ, කොළඹ 07, ශී‍්‍ර ලංකා පදනම් ආයතනයේදීයි. 

ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් එහි සභාපති ජී එල් පීරිස් සහ ලංකා කම්කරු කොංග‍්‍රසය වෙනුවෙන් එහි නායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර අරුමුගන් තොණ්ඩමන් ගිවිසුමට අත්සන් තැබුවා. 

මෙම අවස්ථාවට විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා සහ ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ ඇතුළු පිරිසක් එක්ව සිටියා.