Saturday, May 11, 2024

General line - 0115112241

මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් පිළිබඳ දැනට පැමිණිලි 851ක්




ජනාධිපතිවරණයට අදාළව ඊයේ පස්වරු 4 න් අවසන් වූ පැය 24 තුළ පැමිණිලි 89 ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. 

ඒ අතර පැමිණිලි 27 ක් ලැබී ඇත්තේ ජාතික මැතිවරණ පැමිණිලි කළමණාකරණ මධ්‍යස්ථානයටයි. දිස්ති‍්‍රක් මැතිවරණ පැමිණිලි කළමණාකරණ මධ්‍යස්ථාන වෙත පැමිණිලි 62 ක් ලැබී ඇති බවද මැතිවරණ කොමිෂන් සභාව පැවසුවා. 

නාමයෝජනා භාර ගැනීමෙන් පසු ඊයේ දිනය දක්වා කාලය තුළ ජනාධිපතිවරණයට අදාළව ලැබී ඇති මුළු පැමිණිලි ගණන 851 ක්. ඉන් පැමිණිලි 359 ක් ලැබී ඇත්තේ ජාතික මැතිවරණ පැමිණිලි කළමණාකරණ මධ්‍යස්ථානය වෙතයි. පැමිණිලි 492 ක් දිස්ති‍්‍රක් මැතිවරණ පැමිණිලි කළමණාකරණ මධ්‍යස්ථාන වෙත ලැබී ඇති බවද මැතිවරණ කොමිෂන් සභාව සදහන් කළා.