Saturday, May 11, 2024

General line - 0115112241

ශ්‍රී රංගා ඇතුළු 06 දෙනාට ඇප : විදෙස් ගමන් තහනම් කරයි

මාධව කුලසුරිය / දිනසේන රතුගමගේ




වවනියාව, සෙට්ටිකුලම් ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් තොරතුරු වසන් කිරීම සහ සැකකරුවෙකුට එම අපරාධය වසන් කොට පළා යාමට ආධාර අනුබලදීමේ චෝදනා සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්රිධ ජේ. ශ්‍රී රංගා ඇතුළු පුද්ගලයින් 06 දෙනෙකු අද (18) වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්ව තිබෙනවා.

සැකකරුවන් අධිකරණයට ඉදිරිපත්වීමෙන් අනතුරුව නඩු විභාගය කැදවු අවස්ථාවේ වවුනියාව මහේස්ත්‍රාත් තස්මිලා ෆවුෂාන් මහත්මිය‍ සැකකරුවන් ඇප මත නිදහස් කිරීමට නියෝග කෙරුණා. ඒ එක් අයෙකුට රුපියල් 50000ක් බැගින් මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ දෙකක් බැගින් වූ ශරිර ඇප යන කොන්දේසි මතයි. එමෙන්ම සැකකරුවන්ට විදෙස් ගමන් තහනමක් ද නියම කල මහේස්ත්‍රාත්වරිය ඔවුන්ගේ විදෙස් ගමන් බලපත්‍ර අධිකරණයට භාර දෙන මෙන්ද නියෝග කෙරුණා.

සිද්ධිය සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ජේ.ශ්‍රී රංගා ඇතුළු පිරිසට පොලිසිය හමුවේ ප්‍රකාශයන් ලබාදෙන ලෙස ද මෙහිදී වවිනියාව මහේස්ත්‍රාත්වරිය නියෝග කරනු ලැබුවා.

2011 වර්ෂයේ මාර්තු මස 30 වෙනිදා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ජේ. ශ්‍රී රංගා ගමන් කරමින් සිටි ලියාපදිංචි නොකරන ලද වාහනය සෙට්ටිකුලම් රෝහල අසලදී ගසක හැපීමෙන් මන්ත්‍රිවරයාගේ ආරක්ෂකයා ලෙස කටයුතු කරන ලද පොලිස් සැරයන්වරයා මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහු ඇතුළු වව්නියාවේ හිටපු ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයා, හිටපු පොලිස් අධිකාරිවරයා සහ සෙට්ටිකුලම් පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු පුද්ගලයින් 06 දෙනෙක් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපති දප්පුල ද ලිවේරා මහතා පොලිස් විශේෂ විමර්ශන ඒකකයට පසුගියදා නියෝග කරනු ලැබුවා.

හිටපු මන්ත්‍රිවරයා විසින් පොලිසියට ප්‍රකාශ කර ඇත්තේ අනතුරට ලක්වූ වාහනය සිද්ධියෙන් මියගිය පොලිස් සැරයන්වරයා විසින් පැදවූ බවයි. කෙසේ වුවත් ඒ සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශන අනුව හෙළිවී ඇත්තේ එම අනතුර සිදුවන විට වාහනය එළවා ඇත්තේ ජේ. ශ්‍රී රංගා මන්ත්‍රිවරයා බවයි.