Sunday, May 12, 2024

General line - 0115112241

මැතිවරණ නීති කැඩූ 11 දෙනෙකු අත්අඩංගුවට




ජනාධිපතිවරණයට අදාළව ලද පැමිණිලි සහ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් සැකකරුවන් 11 දෙනෙකු මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසනවා. ඒ අතර ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් දෙදෙනෙකු ද වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පැවසුවේ.

මේ අතර, ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ඉකුත් 08 වනදා සිට ඊයේ (17) දක්වා කාලය තුළ පැමිණිලි 851 ක් ලැබී ඇති බවයි මැතිවරණ කොමිසම පැවසුවේ.