Tuesday, May 14, 2024

General line - 0115112241

කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට රාත්‍රී 09.00 සිට පැය 18 ක ජල කප්පාදුවක්




කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට (19) රාත්‍රී 09.00 සිට ඉරිදා පස්වරු 03.00 දක්වා පැය 18 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා. ඒ, අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන්.

ඒ අනුව කොළඹ 13, කොළඹ 14 සහ කොළඹ 15 ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටවනු ඇති. මීට අමතරව කොටුව, පිටකොටුව සහ කොළඹ 09 ප්‍රදේශවලට එම කාල සීමාව තුළ අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙන බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය නිවේදනය කළේ.