Saturday, May 11, 2024

General line - 0115112241

මධ්‍යම කාරක සභාවේ සාමාජිකත්වයෙන් ඉසුරු දේවප්‍රිය ඉවතට 




ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ සාමාජිකත්වයෙන් සහ මහරගම ප්‍රධාන ආසන සංවිධායක ධුරයෙන් තමන්ව ඉවත් කර ඇති බව හිටපු බස්නාහිර පළාත් මහා අමාත්‍ය ඉසුරු දේවප්‍රිය පවසනවා.

මිට සති දෙකකට පමණ ඉහතදී හෝමාගම  පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රැස්වීමකට තමන් සහභාගිවීම හේතුවෙන් මෙලෙස ආසන සංවිධායක ධුරයෙන් සහ මධ්‍යම කාරක සභාවේ සාමාජිකත්වයෙන් ඉවත් කිරීමට තීරණය කර ඇති බවයි හිටපු මහ ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කලේ.

හිටපු ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මෙලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දැරූ සියලු තනතුරුවලින් ඉවත් කර ඇත්තේ නිදහස් පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට සහය පළ කර ඇති පසුබිකමකයි. මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ සමග හෙට (19) දිනයේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමට ද නියමිතව තිබෙනවා.