Sunday, May 12, 2024

General line - 0115112241

විදෙස් ආර්ථික සැලසුම් ශ්‍රී ලංකාවට නොගැලපෙන බව ගෝඨාභය කියයි




රටේ දැනට පවතින ආර්ථික ක්‍රමවේදයන් අනුව ඉදිරි ගමනක් නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ පවසනවා. වැට් බදු ඇතුලු බදු කිහිපයක් අඩු කිරීම සම්බන්ධයෙන් ඉකුත්දා තමන් කළ ප්‍රකාශයකට අමාත්‍ය මංගල සමරවීර දැක්වූ ප්‍රතිචාරය සම්බන්ධයෙන් අදහස් පළ කරමින් ගෝඨාභය රාජපක්ෂ මෙම අදහස් පළ කළා.

වතු කම්කරුවන්ට රුපියල් දහසක දෛනික වැටුපක් ලබාදීම සම්බන්ධයෙන් ද මාධ්‍යවේදීන් මෙහිදී ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගෙන් ප්‍රශ්න කළ අතර ඔහු ඊට දැක්වූයේ මෙවන් ප්‍රතිචාරයක්.

කොළඹ අද (18) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මෙම අදහස් පළ කළා.