Saturday, May 11, 2024

General line - 0115112241

දිස්ත්‍රික් 04 කට නායයෑම් අනතුරු ඇඟවීම්




පවතින වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 04 කට නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබෙනවා. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවසුවේ බදුල්ල, රත්නපුර, මහනුවර සහ කෑගල්ල යන දිස්ත්‍රික්කලට මෙම නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර ඇති බවයි. 

මේ අතර, කලා වැවේ වාන් දොරටු 02 ක් මේ වන විට විවෘත කර ඇති බවයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පැවසුවේ. මේ හේතුවෙන් කලා ඔය දෙපස සිටින ජනතාවට ඒ පිළිබඳ විමසිල්ලෙන් පසුවන ලෙස ද එම මධ්‍යස්ථානය දැනුම් දෙනවා. කොළඹ - අවිස්සාවේල්ල මාර්ගය, ඇස්වත්ත මංසන්ධියෙන් ජලයෙන් යටවීම හේතුවෙන් එම මාර්ගයේ රථ වාහන ධාවනයට ද බාධා ඇති වී තිබෙනවා.