Saturday, May 11, 2024

General line - 0115112241

රාජ්‍ය ආයතන තුල මැතිවරණ ප්‍රචාරණය තහනම් : මැතිවරණ කොමිසමේ සභාපති




කිසිදු රජයේ හෝ පළාත් සභා කාර්යාලයක හෝ රජයේ පාඨශාලාවක පළාත් පාලන ආයතනයක වෙනත් රාජ්‍ය සංස්ථා හෝ මණ්ඩලය සතු ආයතනයකදී ජනාධිපතිවරණ අපේක්ෂකයින් වෙනුවෙන් ජන්දය ආයාචනා කිරීම අත් පත්‍රිකා බෙදා හැරීම හෝ එවැනි වෙනත් දෑ සිදුකිරීම සහ රැස්වීම පැවැත්වීම සම්පුර්ණයෙන් තහනම් බව මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා.

මෙවැනි ක්‍රියාවන් වලින් වැලකි සිටින ලෙස ද සියලුම දේශපාලඥයින් හෝ දේශපාලන ක්‍රියාකාරීන් හා වෘත්තීය සමිති ක්‍රියාකාරීන් වෙත මෙම නිවේදනය මගින් දැනුම් දෙන බවයි මැතිවරණ කොමිසන් සභාවේ සභාපතිවරයා දැනුම් දී සිටින්නේ. එමෙන්ම ඉහත දක්වා ඇති කිසිදු කටයුත්තක් සිය ආයතන පරිශ්‍රයන් තුල සිදුනොවීමට වගබලා ගන්නා ලෙස එම ආයතන ප්‍රධානින් වෙත මැතිවරණ කොමිසමේ සභාපතිවරයා දැනුම් දෙනු ලබනවා.

එමෙන්ම ජනාධිපතිවරණ අපේක්ෂකයින්, පක්ෂ හෝ දේශපාලන කණ්ඩායම් ප්‍රවර්ධනය කිරීම සඳහා කිසිදු රජයේ හෝ පළාත් සභා කාර්යාලයක හෝ රජයේ පාඨශාලාවක පළාත් පාලන ආයතනයක වෙනත් රාජ්‍ය සංස්ථා හෝ මණ්ඩලය සතු නිශ්චල හෝ චංචල දේපල යොදා නොගන්නා ලෙසද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සිය නිවේදනයෙන් වැඩිදුරටත් සඳහන් කර සිටියි.