Sunday, May 12, 2024

General line - 0115112241

ව්‍යාජ ගුවන් බලපත්‍රයකින් දිවයිනට පැමිණි සිරියානු පවුලක් පිටුවහල් කෙරේ

ටී.කේ.ජී.කපිල - කටුනායක




ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍ර භාවිත කරමින් මෙරටට ඇතුළු වීමට උත්සාහ කළ සිරියානු ජාතික පවුලක් යළි පිටුවහල් කර තිබෙනවා. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි එම සිරියානු පවුල අත්අඩංගුවට ගැනුණේ කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේදීයි.

කළ ප්‍රශ්න කිරීම්වලදී ඔවුන් රැගෙන විත් තිබූ ගමන් මලු පරීක්ෂා කිරීමේදී, ඔවුන්ගේ නීත්‍යානුකූල සිරියානු ගුවන් ගමන් බලපත්‍ර තිබී හමු වූ බවයි පැවසෙන්නේ. මොවුන් මුලින්ම ඉදිරිපත් කළ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට අයත් ගුවන් ගමන් බලපත්‍ර ව්‍යාජ ලෙස සකස් කළ ඒවා බව සිදු කළ රසායනික පරීක්ෂණ වලින් අනතුරුව තහවුරු වී තිබෙනවා.

පසුව ඔවුන් පැමිණි ගුවන් යානයෙන්ම ආපසු පිටුවහල් කිරීමට ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පියවර ගත්තා.