Sunday, May 12, 2024

General line - 0115112241

කෝටි 04 ක රන් බිස්කට් සමග Duty Free වෙළඳසැල් සේවකයෙකු අත්අඩංගුවට

ටී කේ ජී කපිල - කටුනායක




රුපියල් කෝටි 4 ක් වටිනා රන් බිස්කට් තොගයක් සමග ගුවන් තොටුපල තීරුබදු රහිත සාප්පු සංකීර්ණ සේවකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ආරක්ෂක අංශය විසින්. විදෙස් රටක සිට පැමිණි මගියෙකු  මෙම රන්බිස්කට් තොගය එම සේවකයා වෙත ලබා දී ඇති බවටයි අනාවරණ වී තිබෙන්නේ.

ගුවන් තොටුපළ ආරක්ෂක අංශ විසින් සැකකරු සහ රන් බිස්කට් තොගය ගුවන් තොටුපළේ රේගු නිළධාරීන් වෙත භාරදී තිබෙනවා. මෙම රන් බිස්කට් තොගයේ බර කිලෝ 04 ක්.