Sunday, May 12, 2024

General line - 0115112241

ගෝඨාභය රාජපක්ෂගේ ජය පතා නිදහස් පාක්ෂිකයින් මස්කෙළියේදී ආශිර්වාද පූජාවක




ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ ජයග්‍රහණයට ආශිර්වාද පතා මස්කෙළිය මාඋස්සාකැලේ සමන් දේවාලයේදී අද (20) විශේෂ ආශිර්වාද පූජාවක් සිදු කළා. ඒ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස ඇතුලු නිදහස් පාක්ෂිකයින්ගේ ද සහභාගීත්වයෙන්.

මෙම ආශිර්වාද පූජාවෙන් පසු මාධ්‍ය වෙත අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක පැවසුවේ, මෙවර ජනාධිපතිවරණයේදී ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ පහසුවෙන් සියයට 50 කට වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබාගන්නා බවයි.