Sunday, May 12, 2024

General line - 0115112241

පස්වරුවේ වැසි ඇද හැලීම තවදුරටත්. - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි




දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේ තවදුරටත් ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, මධ්‍යම, සබරගමුව, වයඹ, දකුණු සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75 ත් 100 ත් අතර තරමක තද වැසි ඇති විය හැකියි.

දකුණු හා බස්නාහිර පළාත්වලත් මන්නාරම දිස්ත්‍රික්කයේත් වෙරළබඩ ප්‍රදේශවල උදෑසන   කාලයේදී ද වැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා.