Saturday, May 11, 2024

General line - 0115112241

ජාතික මැතිවරණ පැමිණිලි නිරාකරණ ඒකකයක් ස්ථාපිත කෙරේ




ජනාධිපතිවරණයට අදාළව ජාතික මැතිවරණ පැමිණිලි නිරාකරණ ඒකකයක් ස්ථාපිත කිරීමට පියවර ගත් බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. ඒ, නිදහස් හා සාධාරණ ඡන්ද විමසීමක් පැවැත්වීමේ කාර්යයට බාධා වන ආකාරයේ කටයුතු සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපත් කිරීම පුළුල් කිරීමේ අරමුණින්.

ඒ අනුව පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා දුරකථන අංක 03 ක්, ෆැක්ස් අංක 02 ක්, වයිබර් සහ වට්ස්ඇප් අංකයක් මෙන්ම ෆේස්බුක් හරහා ද අවස්ථාව ලබා දී තිබෙනවා.

0112 86 82 12,  0112 86 82 14 සහ 011 2 86 82 17 යන දුරකථන අංක ඒ සඳහා භාවිත කළ හැකියි. 07191 60 000 යන අංකයෙන් වයිබර් සහ වට්ස්ඇප් ඔස්සේ  පැමිණිලි ඉදිරිපත් කළ හැකි වනවා.