Saturday, May 11, 2024

General line - 0115112241

පාතාලය සහ කුඩු ජාවාරම් පාලනය කරන බවට ගෝඨාභයගෙන් ප්‍රතිඥා

ටී කේ මහින්ද




පාතාලය සහ කුඩු ජාවාරම් පාලනය කිරීමට තම ආණ්ඩුවක් යටතේ කටයුතු කරන බව ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ පවසනවා. ඔහු මෙම අදහස් පළ කළේ, මාතර වැලිගම අද (20) පැවති ජන රැළියක් අමතමින්. එහිදී නව තාක්ෂණය උපයෝගී කරගනිමින් රට දියුණු කළ හැකි ආකාරය පිළිබඳ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ අදහස් පළ කළා.

ආර්ථික කේන්ද්‍රය අද ආසියාව වෙත ඇවිල්ලා. අපිට විශාල අවස්ථාවක් ඇවිල්ලා තියෙනවා ගෝලීය ආර්ථිකය සමග ඉදිරියට යන්න, ඒ  සඳහා හොද සැලැස්මක් වගේම හොද අවබෝධයක් තියෙන කණ්ඩායමක් සිටින්න ඕන. 21 වෙනි ශත වර්ෂය  දැනුම මුල්වූ ආර්ථිකයක්. ඒ සඳහා අපිට සැලැස්මක් තියෙනවා. රටේ තරුණ තරුණියන්ට හොද වේතනයක් ලැබෙන මාර්ගයක් හදන්න ඕන. ඒ සඳහා හොදම තැන තමයි තොරතුරු තාක්ෂණය. ඒ තුලින් රටට හොද ආදායමක් උපදවා ගන්න පුලුවන් යැයි ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටියා.

වැට් බද්ද සියයට 8 දක්වා අඩු කරනවා. මෙයට හේතුවක් තියෙනවා. මේවා ඉවත් කිරීමෙන් තමයි අපිට පුළුවන් වෙන්නේ ආයෝජකයා වගේම ව්‍යාපාරිකයා ඒ සඳහා යොමු කරන්න පුලුවන් වෙන්නේ. එතකොට තමයි රටේ ආර්ථිකය ඉදිරියට යන්නේ. ඒ නිසා රටේ රැකි රක්ෂා නිපදවෙන්නේ. ඒ සඳහා ඔවුන්ට අපි අවස්ථාව දෙන්න ඕන. සුළු හා මාධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයා තමයි අපේ රට මේ තරම් ඉදිරියට අරන් ගියේ. ඔවුන් මත මේ තරම් බදු පැටවීමෙන් ඔවුන් ඉදිරියේදී ආයෝජනය කරන්න හිතන්නේ නැහැ. ඒ නිසයි මේ සහනය අපි දෙන්න තීරණය කලේ, ව්‍යාපාර දියුණු කළ හැකි ක්‍රමවේද සම්බන්ධයෙන් ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මෙහිදී අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියා.

ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේ, සාමයෙන් ජීවත් විය හැකි සුරක්ෂිත රටක් බිහි කිරීම වෙනුවෙන් තමා කටයුතු කරන බවයි.