Sunday, May 12, 2024

General line - 0115112241

සජිත්ට නඩු පැවරීමට නිර්දේශ කර ඇති කොමිෂන් සභා වාර්තාව ප්‍රසිද්ධ කරන්නැයි ජනපතිට ඉල්ලීමක්




වත්මන් ආණ්ඩුවේ අමාත්‍යවරු රැසක් වරදකරුවන් ලෙස හඳුනාගනිමින් ඔවුන්ට එරෙහිව නඩු පැවරීමට නිර්දේශ කර ඇති වංචා - දූෂණ විමර්ශන ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව ප්‍රසිද්ධ කරන්නැයි පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිළ, ජනාධිපතිවරයාගෙන් අද (20) ලිඛිතව ඉල්ලීමක් කළා.

අදාළ ලිපියෙහි දැක්වෙන්නේ අමාත්‍ය සජිත් ප්‍රේමදාස ද එම අමාත්‍යවරුන් අතර සිටින බවයි. නීතිවිරෝධීව පුද්ගලයින් 1,117 දෙනෙකු නිවාස සංවර්ධන අධිකාරියට බඳවා ගත් බවට අමාත්‍යවරයාට චෝදනා එල්ල වන බවයි එහි දැක්වෙන්නේ. අවුරුදු 60 ඉක්මවූ තිස් දෙනෙකුට සේවා දිගුවක් ලබා දීමෙන් රුපියල් කෝටි 65 ක් අවභාවිත කර ඇතැයි කොමිසමේ නිගමනය බව ද පාර්ලිමේන්තු මන්ත්‍රී  උදය ගම්මන්පිළ සිය ලිපියෙන් පෙන්වා දී තිබෙනවා.

එසේ බඳවා ගත් පිරිසෙන් සියයට 95 ක්ම හම්බන්තොටින් බඳවාගෙන ඇති බව ද කොමිසම නිරීක්ෂණය කර ඇතැයි එහි සඳහන්. අදාළ ලිපියෙහි වැඩිදුරටත් දැක්වෙන්නේ අමාත්‍ය සජිත් ප්‍රේමදාසට එරෙහිව අල්ලස් පනතේ 70 වන වගන්තියෙන් නඩු පැවරිය යුතු බවට කොමිසම නිර්දේශ කර ඇති බවයි.

2015 ජනවාරි 15 සිට 2018 දෙසැම්බර් 31 වනදා දක්වා කාලය තුළ රාජ්‍ය ආයතනවල සිදුව ඇතැයි සැලකෙන දූෂණ වංචා පිළිබඳ සොයා බැලීමේ කොමිසමේ වාර්තාවක් ඉකුත්දා ජනාධිපතිවරයාට භාර දුන්නා.