Saturday, May 11, 2024

General line - 0115112241

මින් පසු මහ බැංකුවට දේශපාලන පත් කිරීම් නැහැ - සජිත් කියයි

කමල් සුරවීර - මහනුවර




ශ්‍රී ලංකා මහ බැංකුව ඇතුලු, මෙරට ආර්ථිකයට ප්‍රධාන ලෙස බලපාන රාජ්‍ය ආයතනවලට මින් ඉදිරියට කිසිදු දේශපාලන පත් කිරීමක් සිදු නොකරන බව ජනාධිපති ධූර අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ වෘත්තීයවේදීන්ට ප්‍රමුඛත්වය දෙමින් කටයුතු කිරීම තම සැලසුම බවයි.

රාජ්‍ය කරණය තුල රාජ්‍ය පාලනය තුල වෘත්තියවේදීන්ට මුල්තැන දීලා ඒ සම්බන්ධයෙන් හොද වැඩසටහනක් කරන්න අපි කටයුතු කරනවා. රටේ ආර්ථික මර්මස්ථාන වෙන මහ බැංකුව, රාජ්‍ය බැංකු පද්ධතිය, ඛනිජ තෙල් සංස්ථාව, රේගුව වගේ ස්ථාන වෙත දේශපාලන පත්වීම් ලබා දෙන්නේ නැහැ. ඒ ඒ විෂයන් සම්බන්ධයෙන් හොද දැනුමක් තිබෙන අයට පාලන තන්ත්‍රය ඉදිරියට කරගෙන යාමට අවශ්‍ය වටපිටාව අපි සකස් කර දෙනවා යැයි මෙහිදී අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියා.

ජනාධිපති ධූර අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළේ රටේ ස්වෛරීත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් තමන් කැප වී කටයුතු කරන බවයි.

ජනාධිපති ධූර අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මෙම අදහස් පළ කළේ මහනුවර පැවති ජන රැලියකට එක්වෙමින්. අමාත්‍ය රාවුෆ් හකීම් ද මෙහිදී අදහස් පළ කළා.

අමාත්‍ය රාවුෆ් හකීම් සමග, ජාතික තව්හිද් ජමාද් සංවිධානයේ නායක සහරාන් හෂීම් සිටින වීඩියෝවක් ඉකුත්දා සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ අතර ඒ සම්බන්ධයෙන් දැඩි කතාබහක් ඇති වුණා.