Saturday, May 11, 2024

General line - 0115112241

නීතිවිරෝධී විදේශීය දුම්වැටි 43,000 ක් නාවික හමුදා භාරයට




මිගමුව, පෙරියමුල්ල ප්‍රදේශයේදී නීතිවිරෝධීව විදේශීය දුම්වැටි 43,600 ක් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, නාවික හමුදාව සහ පොලිසිය එක්ව සිදු කළ මෙහෙයුමකදීයි. අත්අඩංගුවට ගත් සැකකරු සතුව තිබී නීති විරෝධී විදේශිය දුම්වැටි පැකට් 2,180 ක් සොයා ගැනුණා.

ඒවා අලෙවි කිරීම සඳහා නිවසක් තුල සඟවා තිබූ බවයි නාවික හමුදාව පැවසුවේ. අත්අඩංගුවට ගෙන ඇත්තේ 23 හැවිරිදි මිගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.