Saturday, May 11, 2024

General line - 0115112241

වතුකම්කරුවන් ගේ දෛනික වැටුප වැඩි කරන බවට අමාත්‍ය සජිත් ගෙන් පොරොන්දුවක් : මැති ඇමතිවරුන්ගේ වරප්‍රසාධ කප්පාදු කරන බවත් කියයි

රංජිත් රාජපක්ෂ 




තම නායකත්වය තුලින් වතු කම්කරුවාගේ දෛනික වැටුප රු 1500 දක්වා වැඩි කරදිමට කටයුතු කරන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස පවසනවා. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ අද (20) පස්වරුවේ හැටන් බස් නැවතුම්පොළේ පැවති ජනාධිපතිවරණ ප්‍රචාරක රැළියකට එක්වෙමින්ය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය සජිත් ප්‍රේමදාස කියා සිටියේ නුවරඑලිය දිස්ත්‍රික්කයේ දැනට පවතින ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වැඩි කිරිමටත්, වතු කම්කරුවන්ගේ ජිවන තත්ත්වය ඉහළ දැමීමත්, වතු කම්කරුවනගේ යටිතල පහමුකම් නංවාලිමට තම නායකත්වය තුලින් කටයුතු කරන බවයි.

මෙම රැස්විමට එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක අමාත්‍ය නවින් දිසානායක, අමාත්‍ය පලනි දිගම්බරම්, නුවරඑලිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මයිල්වාගනම් තිලකරාජ් ද එක්වී සිටියා.

මේ අතර තම පාලන සමයේදී මැති ඇමතිවරුන්ගේ වරප්‍රසාද කප්පාදු කරන බව ජනාධිපති ධූර අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස පවසනවා. ඒ, මහනුවර පැවති ජන රැළියකදීයි.

නාවලපිටියේ පැවති තවත් ජන රැළියකට ජනාධිපති ධූර අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස එක්වුණා.

මෙම ජන රැළියේදී අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල ද අදහස් පළ කළා.