Sunday, May 12, 2024

General line - 0115112241

ජනපති අද අලුයම විදෙස් සංචාරයකට පිටත්ව යයි - පවුලේ අයත් එකතු වෙයි

ටී කේ ජී කපිල




ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තුන් දින නිල සංචාරයක් සඳහා අද (21) දින අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගියා. ඒ ජපානයේ නිල සංචාරයක් සඳහායි.

එතුමා සමග සිය පවුලේ සාමාජිකයන් සමග දූත පිරිස ලෙස 21 දෙනෙකු ද  මෙම සංචාරය සඳහා එක් වී සිටි අතර, එතුමාගේ ධුර කාළය තුළ අවසන් වරට නියැලෙන නිල සංචාරය  මෙය වීම ද විශේෂත්වයක්.

මෙම පිරිස අද දින අලුයම 1.10 ට තායි ගුවන් සේවයේ ටී.ජී.- 308 දරන ගුවන් යානයෙන් පිටත්ව ගිය බවයි nethnews.lk කටුනායක වාර්තාකරු සඳහන් කළේ.