Saturday, May 11, 2024

General line - 0115112241

හකීම්ගේ ප්‍රකාශයට දැඩි විරෝධයක්




ජනතාව අවදියෙන් නම් බුද්ධි අංශ අවශ්‍ය නොවන බවට අමාත්‍ය රාවුෆ් හකීම් කළ ප‍්‍රකාශයට බොහෝ පාර්ශ්ව විරෝධය පළ කරනවා. බුද්ධි අංශය සම්බන්ධයෙන් අමාත්‍යවරයා ජන රැළියකදී ඊයේ (20) එම ප්‍රකාශය සිදු කළා.

කෙසේවෙතත්, බුද්ධි අංශ දුර්වල කිරීම හේතුවෙන් රටට අත්වූ ඉරණම පිළිබඳ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ පැහැදිලි කළා.

එහිදී "මේ රජය බලයට ආවට පස්සේ බුද්ධි අංශ සම්පූර්ණයෙන්ම අකාර්යක්ෂම කළා. බුද්ධි අංශ සාමාජිකයන්ට අභූත චෝදනා නගලා හිර ගෙවල්වලට දැම්මා. අපි යොදා තිබූ ආරක්ෂක සැළසුම් සියල්ල විනාශ කළා. මේ හින්දා තමයි නැවතත් රටේ බෝම්බ පුපුරන්නට පටන් ගත්තේ." යනුවෙන් සඳහන් කළා.

මේ අතර ජනතාව අවදියෙන් නම් බුද්ධි අංශ අවශ්‍ය නොවන බවට අමාත්‍ය රාවුෆ් හකීම් කළ ප‍්‍රකාශය හිටපු යුද හමුදාපති ජෙනරාල් දයා රත්නායක ද දැඩි ලෙස ප‍්‍රතික්ෂේප කළා.

එහිදී ඔහු සඳහන් කළේ "ඒ කට්ටිය රටක් කරන හැටි අබමල් රේණුවක අවබෝධයක් නැතුව තමන්ගේ බඩ වෙනුවෙන් වැඩ කරලා මේ රටට ගෙනාපු සාමය අවුරුදු 10ක් යන්න කලින් ඉතාම ව්‍යාකූල තත්ත්වයට පත් කළා." යන්නයි.

ඕනෑම රටක් බුද්ධි අංශයක වටිනාකම හඳුනන බව ද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. 

හිටපු යුද හමුදාපති ජෙනරාල් දයා රත්නායක වැඩිදුරටත් කියාසිටියේ සියලූදෙනා අවබෝධයෙන් කටයුතු කළ යුතු මොහොතක් උදා වී ඇති බවයි.