Sunday, May 12, 2024

General line - 0115112241

මත්තලට හරවා යැවූ ගුවන් යානා දෙක යළිත් කටුනායකට ගෙන්වා ගනී

ටී කේ ජී කපිල




කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට ගොඩබැස්සවීමට නියමිතව තිබූ ගුවන් යානා දෙකක් මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත හරවා යවා තිබෙනවා.

ඒ, කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ අවට ප‍්‍රදේශයට අද (21) උදෑසන බලපා තිබූ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන්. එලෙස මත්තල ගුවන් තොටුපළ වෙත හරවා යවා ඇත්තේ සෞදියේ, රියාද් සිට පැමිණි UL 266 දරණ ගුවන් යානය සහ කුවේට් සිට පැමිණි UL 230 දරණ ගුවන් යානයයි. 

කාළගුණික තත්ත්වය මදක් යහපත්වූ පසු එම ගුවන් යානා කටුනායක ගුවන් තොටුපළ වෙත නැවතත් ගොඩ බැස්වීමට ගුවන් තොටුපළ බලධාරීන් කටයුතු කර ඇති බවයි නෙත් නිවුස් ගුවන් තොටුපල වාර්තාකරු පැවසුවේ.